නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පූජ්‍ය අතුරලිය රතන හිමියන් තෝරා පත් කර තිබේ.

ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඊයේ මුල්ගල තැබිණ.

මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කෙ‍රුණු පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතයි.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර තුළ වෙසෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව තිරණය කර තිබේ.

විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වසරේ ආදායම් වියදම් ඇතුළත් 2020 විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.