Up Date - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනා ඡන්ද 117 කින් සම්මතවී තිබේ. මෙම යෝජනාවට එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය ලබා දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ලබාදිමෙන් වැලකී සිටියේය.  

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. සජිත් ප්‍රේමදසා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් ස්ථීර කරනු ලැබීය.  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද (12) පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කලේය. 

එක්සත් ජාතික පෙරමුණේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අද සභාවාරයට සහභාගි වුහ.

පාර්ලිමේන්තුව ලබන අඟහරුවාද (12/18) දක්වා කල් තැබිණ.

 ----------------------------------------------------------------------------------------------------------------------------------------

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට 2018/12/12 ( 14.00)

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. 

සජිත් ප්‍රේමදසා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් ස්ථීර කරනු ලැබීය.  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද (12) දිනයේත් පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කර ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැඳී සිටිති.

පාර්ලිමේන්තුව, ලබන 12 වැනි දින දක්වා කල් තැබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව සභාවාරය ආරම්භ විය.

සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව අද(19) රැස්වීමට නියමිතයි.

සභාවේ ඇතිවූ උණුසුම් තත්වත් සමග පාර්ලිමේන්තුව හෙට (15) උදෑසන 10.00 දක්වා කල්තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් වී තිබේ.

නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති කාර්යාලයේ දී අද දිවුරුම් දුන්නා.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා.