ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව

ඔක් 23, 2020

    ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.

    එහි මුදල් මණ්ඩලය 2020 ඔක්තෝබර් 21 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ අතර, එමගින් දැනට පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළේය.

    වසරේ මේ දක්වා කාලය තුළ දී පෙර නොවූ අයුරින් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකයන්ගේ පහළ යෑම මුදල් ම‍ණ්ඩලය විසින් නිරීක්ෂණය කළ අතර, වෙළෙඳපොළ පොලී අනුපාතික පුළුල් ලෙස පහළ යෑම අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Latest News