චීනයේ විවිධ බදු හා අදාළ වියදම් අඩුකිරීම ඉහළ මට්ටමක

නොවැ 02, 2020

    මෙම වසරේ මුල් කාර්තු 3 තුළ, චීනය පුරා අඩු කෙරුණු විවිධ බදු හා වියදම් හී වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2 ඉක්මවයි.

    ඒ අතරින්, මෙම වසරේ වසංගත පාලනයට මෙන්ම ආර්ථික සමාජ සංවර්ධනයට සහායවීම සඳහා නිකුත් කළ සහනශීලි ප්‍රතිපත්තීන් අනුව අඩු කෙරුණු බදු හා අදාළ වියදම්හී වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 1.3 ඉක්මවා ගොස් ඇති බව, චීන ජාතික බදු පරිපාලනය පවසයි.

    ඉදිරියේ දී බදු හා සම්බන්ධ ආයතන බදු හා වියදම් අවම කිරීමේ විවිධ ප්‍රතිපත්තීන් තවදුරටත් අනුගමනය කරමින්, බදු හා ‍මුදල් ගෙවීමේ සේවාවන් අඛණ්ඩව යහපත් කරනු ඇති බව එම පරිපාලනයේ නිලධාරීහූ පෙන්වා දෙති.

    ඉන් ඇති වන ප්‍රතිලාභ ව්‍යවසායයන්ට හා ජනතාවට සැබෑ ලෙස භුක්ති විඳීමට අවස්ථා ලබා දිය යුතු අතර, වෙළඳපොළේ උද්‍යෝගිමත් බව උත්තේජනය කිරීමට ද අපේක්ෂා කෙරේ.

    Latest News