IPL; පළමු ජය කොල්කටා නයිට්රයිඩර්ස්ට...

මාර් 27, 2022

    ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්විය. ඒ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්.

    2022 වසරේ ඉන්දීය ප්‍රිමියලීග් තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ, වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
    පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 131ක් රැස්කළේය. මහේන්ද්‍රසිං දෝනි නොදැවී ලකුණු 50යි. පන්දු යැවීමේදී උමේෂ් යාදෙව් කඩුලු 2ක් බිඳහෙලුවා.
    පිළිතුරු ලෙස කොල්කටා ක්‍රීඩකයින් තරගය ජයගත්තේ පන්දුවාර 18යි, පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 133ක් රැස්කරමින්. අජින්කෙයා රහානේ ලකුණු 44යි. සෑම් බිලින්ග්ස් ලකුණු 25ක් රැස්කළ අතර නායක ශ්‍රෙයාර්ස් අයියර් නොදැවී ලකුණු 20යි. පන්දු යැවීමේදී ඩිවේන් බ්‍රාවේ කඩුලු 3යි. තරගයෙන් කොල්කටා ක්‍රීඩකයින් ජයගත්තේ කඩුලු 6කින්.

    Last modified on ඉරිදා, 27 මාර්තු 2022 14:36

    Latest News