දශක හතරකට ආසන්න කාලයක් සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද 39 වැනි සංවත්සරය සමරයි. ශ්‍රව්‍ය දෘශ්‍ය සම්ප්‍රදායේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ලොවට ගෙනයමින් ජාතික රූපවාහිනිය ඉටුකරන යුග මෙහෙවර එදා මෙන්ම අදත් ජනතාවගේ ඉහළ සම්භාවනාවට පාත්‍ර වන්නක්.

ජනසතු සේවා දැල්පන්දු තරගාවලිය අද නිමා විය. තරගාවලිය පැවැත්වුණේ, ගම්පහ සුමේද විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී.

රූපවාහිනී සංස්ථාවත්,ගුවන් විදුලි සංස්ථාවත් ජාතික ජනමාද්‍ය ලෙස වාණිජ තරගකාරීත්වයෙන් මිදී ආදර්ශවත් ජනමාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාම ජනාධිපතිතුමාගේ දර්ශනය බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවසයි. සිය ධුරයේ වැඩබාරගනිමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

Latest News