ජනසතු සේවා දැල්පන්දු ජය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට (වීඩියෝ)

පෙබ 19, 2020
  • ජනසතු සේවා දැල්පන්දු තරගාවලිය අද නිමා විය. තරගාවලිය පැවැත්වුණේ, ගම්පහ සුමේද විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී.

    මෙවර තරගාවලිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කණ්ඩායම ඇතුළු රාජ්‍ය ආයතන 50ක කණ්ඩායම් එක්ව සිටියේය. තරගාවලිය පැවැත්වෙන්නේ කාණ්ඩ 4ක් යටතේ. අද පැවැත්වුණේ පිළිමලුන් පිටු දැකීමේ අංශය යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කණ්ඩායම හා ලංකා බැංකු කණ්ඩායම අතර තරගයයි. ඉන් 9-8ක් ලෙස රූපවාහිනී සංස්ථා කණ්ඩායම ශූරතාව හිමිකර ගැනීමට සමත්විය. රාජ්‍ය ආයතන අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණෙන් තරගාවලිය වාර්ෂිකව සංවිධාන කෙරේ.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 20:30

    Latest News