පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අදාලව මාධ්‍යවේදීන් ඇතුඑ සිවිල් පුරවැසියන්ගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්රතිසංස්කරනය කර විද්‍යුත් මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි ජනමාධ්‍යවේදින් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීම එහි අරමුණයි.
නව පනත් කෙටුම්පතට අදාලව කාලීන යෝජනා මාර්තු 15 වැනිදාට පෙර ලේකම් ජනමාධ්‍ය ආමත්‍යාංශය අංක 163, ඇසිදිසි මැඳුර කිරුළපල මාවත පොල්හේන්ගොඩ, කොළඹ - 05 ලිපියනයට යොමුකල හැකිය.