පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉඩම් ආරක්ෂාවට පියවර

ඔක් 22, 2020

    පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉඩම් සහ එවැනි ස්ථාන ආරක්ෂා කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

    මෙරට ඉඩම් කොල්ලකෑමට මින් ඉදිරියට කිසිවකුට කිසිදු ඉඩක් නොතබන බවද හෙතෙම අවධාරණය කළේය.

    මේ අනුව ඉඩම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තම බලය අනිසි ලෙස පාවිච්චි කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරේ.

    එම නිලධාරීන්ගේ ක්‍රියා නිරීක්ෂණය කිරීමටත් සොයා බැලීමටත් වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Latest News