මෙම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවකයින් ඇතුළු 863 දෙනෙකු යුද හමුදාව සහ ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන 06කට යොමු කර ඇති බවත් තවත් 800 කට ආසන්න පිරිසක් සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය කිරීමට යොදවා ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටී.
මේ වනවිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයට සම්බන්ධ වීම නිසා එම දිස්ත්‍රික්කයටම වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවූ බවත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 06 කට ද ඒ අනුව ඇඳිරි නිතිය පැනවූ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.