ආනයනික ඇඟළුම් මත පනවා තිබූ සෙස් බදු ඉහළට

ඔක් 22, 2020

    ආනයනික ඇඟළුම් මත පනවා තිබූ සෙස් බදු ඉහළ නැංවීමට රජය පියවර ගනී.

    2020 ඔක්තෝබර් 14 දින සිට බලපැවැත්වෙන ලෙස සෙස් බද්ද සංශෝධනය කරනු ලබන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය මගින් තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයාගේ ද එකඟත්වය ඇතිව මෙම සංශෝධන කරනු ලබන බව අමාත්‍යවරයා නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News