ඇෆ්ගනිස්තානය සමග සටනට පකිස්තානය මෙරටට

අගෝ 18, 2023

    ඇෆ්ගනිස්තානය සමග මෙරට දී පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා පකිස්තාන කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.

    තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වනවා. ඊයේ මෙරටට පැමිණි පකිස්තාන කණ්ඩායම පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පැමිණ සිටියා. පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගාවලියට එක්දින තරග තුනක් ඇතුළත්. ලබන 22 සහ 24 දිනවලදී පැවැත්වෙන තරග, හම්බන්තොට සූරියවැව අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. අවසන් එක්දින තරගය ලබන 26 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත් වෙනවා.

    Latest News