මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ සිය ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) ඊයේ (20) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.

සිව්දින නිල සංචාරයකට දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ්වර්ධන් ෂින්ග්ලා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(04) හමුවිය.

වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත

සංඥා භාෂාව දිනෙන් දින දියුණු වී සමාජයේ සම තැන්හීලා කටයුතු කිරීමට අවස්ථාව උදා වේවා යැයි අද (23) දිනටයෙදී තිබෙන අන්තර්ජාතික සංඥා භාෂා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉතාලියේ සංචාරයක නිරතවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (10) අලුයම පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දී තිබේ.

විශාල ජල යෝජනා ක්‍රමවලින් ආවරණය කිරීමට නොහැකි ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ප්‍රජා ජල යෝජනා ක්‍රමවලින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ්ජි උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා සුබ පැතුම්න් පණිවුඩ නිකුත් කර තිබේ.

අලිවැට නඩත්තු කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශිය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ.