යහපාලන රජය සමයේ දේශපාලන පලි ගැනීමේ අරමුණින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට එරෙහිව පවරන ලද නඩුවලින් නිදොස් කොට නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව ඊයේ අග්‍රාමාත්‍ය තුමා වෙත භාරදෙනු ලැබුවා.

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වැනිදා පැවැත්වෙන සපායා දිනය (Sapphire Day) පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (22) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 219 වැන්න නවම් පුර පසළොස්වක පොහොය යෙදෙන අද (16) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එකිනෙකාට ගරු කරන අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් ඇසුරෙන් නිදහසේ අරුත තවත් පුළුල් කර ගත හැකි බව, 74 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 218වැන්න දුරුතු පුර පසළොස්වක පොහොය යෙදෙන අද (17) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 

දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පොදු පහසුව වෙනුවෙන් ඉදිකළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල උද්‍යානය විවෘත වෙයි.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට ප්‍රථම නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් සනිටුහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද (18) දින පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්විණි.