විසල් මාතලේ ජලසම්පාදන ව්‍යාපෘතිය අගැමති අතින් විවෘත වෙයි

ජූලි 29, 2021

    විශාල ජල යෝජනා ක්‍රමවලින් ආවරණය කිරීමට නොහැකි ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ප්‍රජා ජල යෝජනා ක්‍රමවලින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.

    විසල් මාතලේ ජලසම්පාදන ව්‍යාපෘතිය අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට ජනතා අයිතියට පත් කරමින් අග්‍රාමාත්‍ය මේ බව කියා සිටියා. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතියෙන් මාතලේ නගරය හරහා අවට ප්‍රදේශ සඳහා පැය 24 පුරා ජලය සිටීමටයි සැලසුම් කර ඇත්තේ. එමඟින් පවුල් 90,000 ක 354,000කට සෙත සැලසෙනවා. ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ රජයේ මූල්‍ය ආධාර යටතේ රුපියල් කෝටි 3100 ක් මෙම ව්‍යාපෘතියට වැය කර තිබෙනවා.

    Latest News