අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයෙකු වෙඩි තබා ඝාතනට අනුබල දුන් අත්අඩංගුවට ගත් සැකකරු අද දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා අම්බලන්ගොඩ - කුලීගොඩ මංසන්ධියේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් 12 වෙනි දින අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් කිහිපයක් තේ වතු යායක තිබි ඊයේ (18) හමු වු බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසියි.

කොම්පඥ්ඥ වීදියේ වයස අවුරුදු 47ක රූපලාවන්‍යාගාරයක හිමිකරුවා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගත් පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

කතරගම,පෙරගිරිගම ප්‍රදේශයේ නිවසකට මුහුණු ආවරණය කරගෙන නිවසට ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙක් නිවෙස් හිමියාට තියුණු ආයුධවලින් පහරදී ඊයේ රාත්‍රී(17) 9.30ට පමණ ඝාතනයර කර තිබේ.

පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමලු රංග හා මොහොමඩ් ඉම්රාන් නමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේ දී ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 3ක් ඊයේ(15) සවස 4.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල,දේවහුව ප්‍රදේශයේ දී  ඉකුත් 15 දින රාත්‍රී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ බාල සොහොයුරාත් ඊයේ(19) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල, දේවහූව ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ අඹුසැමි යුවලකගේ මළ සිරුරු දෙකක් හමුව තිබේ.

සෙවනගල, තුන්කමයාය, නුගේගලයාය ප්‍රදේශයේ වගා ඉඩමක වාඩියක නිදාසිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

පිහිඇනුමකින් තිස්සමහාරාම, සඳුන්ගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය හා ඇයගේ මව මියගොස් තිබේ.