පසුගිය 25 වැනි දින පානදුර,පල්ලියමුල්ල ප්‍රදේශයේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන ටී-56 ගිනිඅවිය සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

කොටිකාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී ආහාර පාන අලෙවිසලක සිදු වූ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැළකෙන "අංගොඩ ලොක්කා"ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙක් වු චමින්ද එදිරිසූරිය නොහොත් "චමියා" නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ දී පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයෙක් මියගොස් තිබේ.

එරාවුර් පොලිස් වසමේ මිරාකේනි පාර, අයියන්කේනි ප්‍රදේශයේ දී කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර ඇතැයි එරාවුර් පොලීසියට ලද දැනුම් දීමක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව, පොලිස් මූලස්ථානය පවසයි.

අමෙරිකාව පුරා පුළුල් විරෝධතා අවුලුවාළු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය, මිනීමැරුමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඉපලෝගම, සේනපුර ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදීමෙන් බරපතල තුවාල සහිතව සේනපුර රෝහලට ඇතුලත් කළ අයෙකු මිය ගොස් ඇත. ඊයේ (26) සවස 04.30ට පමණ මෙය සිදුව තිබේ. 

දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ දී පවුලු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

බිමතින් පැමිණි පුද්ගලයෙකු විසින් සිය බිරිඳට පහර දි ඇති අතර ගැටුම සමථයකට පත් කිරිම සඳහා බිරිඳගේ මව හා අසැල්වැසියෙකු මැදිහත් වි ඇති බවයි වාර්තා වන්නේ. එහිදි බීමතින් සිටි පුද්ගලයා සිය බිරිඳට හා බිරිඳගේ මවට හා අසල්වැසියාට තියුණු ආයුධකින් පහර දිමක් සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහර දිමෙන් තුවාල ලැබු ඔවුන් තිදෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු 61 හැවිරිදි බිරිඳගේ මව මියගොස් ඇත. අසල්වැසි පුද්ගලයා ආබාධිත හමුදා සෙබළෙකු බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ඝාතනය සිදුකළ සැකකරු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. වැඩිදුර දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මීගමුව,පෙරියමුල්ල ප්‍රදේශයේ දී හෝටලයක් තුළ ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමට ආදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.