මිද්දෙණිය පොලිස් වසමේ දඹේතලාව ප්‍රදේශයේ දී අවමංගල උත්සවයකට සහභාගී වී නැවත යමින් සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් තිබේ. සැකකරු අද (03) දහවල් 1.10ට පමණ වෙඩි තබා පල ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

හොරණ, ඉළිඹ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී 9.30ට පමණ.

කඩවත පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර පන්නල, වේරහැර ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති බව වාර්තාවේ.

අහුංගල්ල,වැලිවතුගොඩ,බලපිටිය ප්‍රදේශයේ ඊයේ (17) සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අද (18) අළුයම 3.20ට පමණ මියගොස් තිබේ.

සුරියවැව, බැද්දෙවැව ප්‍රදේශයේ නිවසක වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (13) උදෑසන 10.00ට පමණ.

ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් 21 හැවිරිදි තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

ජාඇල - මිනුවන්ගොඩ මාර්ගයේ ඒකල මොන්ටා හන්දිය ආසන්නයේ පාළු ඉඩමක දී ත්‍රීරෝද රථයකින් කුලී ගමනක් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයේ රියදුරුට තියුණු ආයුධයකින් පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 1000ක මුදලක් ද කොල්ලකා පළාගොස් තිබේ.

නානුඔය - ඩෙල්පොඩ් ක්ලාන්ටන් තේ වතු යායේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

වරකාපොළ, දොරවක ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සමාධිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.