කතරගම, සිතුල්පව්ව මාර්ගයේ නිවාඩු නිකේතනයක කාමරයක් තුල දී ඊයේ රාත්‍රී 12.00ට පමණ පුද්ගලයෙකු (47) වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

කෑගල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට ඇගේ ස්වාමිපුරුෂයා විසින් පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

සපුගස්කන්ද, වලහේන ප්‍රදේශයේ නිවසක පුද්ගලයකු සැකකටයුතු ලෙස තුවාල සහිතව මියගොස් ඇති බවට ලද තොරතුරුක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

පුත්තලම,වනාතවිල්ලුව ප්‍රදේශයේ දී වාහනයකට සිදුවූ අලාභයක් සමත කර ගැනීමට පැමිණි දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

කොම්පඤ්ඤ වීදිය, ධර්මපාල මාවත ප්‍රදේශයේ නිවසක සිදු කළ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (08) නියෝග කළේය.

2012 වසරේ කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් පිහියෙන් ඇන අමානුෂික ලෙස මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද මරණීය දණ්ඩනය නියම කළේය.

හංවැල්ල, පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

ගල්කිස්ස, සිලවෙස්ටර් පාර ප්‍රදේශයේ පාලම අසලදී දෙපිරිසක් අතර ඊයේ(02) සවස 7.00ට පමණ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට පිහිවලින් පහරදී තුවාල සිදු කර තිබේ.

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ නිවසක් තුළ තරුණියක් හා ඇගේ සහෝදරයා තියුණු අවියකින් පහර දී ඝාතනය කර තිබේ.