නව තාක්ෂණ විප්ලවය හරහා ලෝක වෙළඳපොළ තරණය කර ජවසම්පන්න, ශක්තිමත් මාතෘ භූමියක් නිර්මාණය කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ප්‍රතිවාදී අපේක්ෂකයා බලයට පැමිණියහොත් මෙරට කාන්තා පරපුරට අත්වන ඉරණම සිතා ගත නොහැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ අහිංසක ජනතාව විනාශ කිරීමට පාස්කු ඉරිදා කුරුරු ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කළ කණ්ඩායම් අද හෙළිදරව් වී ඇති බැවින්, ඔවුන්ට ජීවිතාන්තය දක්වා සියදඩුවම් ලබා දීම ප්‍රමාණවත් නොවන බවත්, විනිවිදභාවායෙන් යුතු නිවැරදි,සාධාරණ නීතිමය ක්‍රියාවලියක් යටතේ එම වැරදිකරුවන් මරණීය දණ්ඩලනය ලබාදීමට තම ඉදිරි රජය යටතේ කටයුතුකරන බවත්, නවජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ වීරකැටිය අනෝදාව පක්ෂ කාර්යාලයට ඊයේ (23) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

හොරු නැති,මංකොල්ලකාරයින් නොමැති, දූෂිතයින් නැති, රාජ්‍ය අරමුදල් අවභාවිත නොකරන ආණ්ඩුවක් තමන් බිහි කර තරුණ කණ්ඩායම් සමග රට ඉදිරියට ගෙන යෑමට නව ගමනක් ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරට ධීවර ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා සහනාධාර ක්‍රමවේදයක් යටතේ බහුදින යාත්‍රා,ඔරු,බෝට්ටු ආදී සියලුම පන්නයේ මෙවලම් හා උපකරණ ලබා දීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දේශපාලනීකරණයට ලක්වී ඇති ආරක්ෂක අංශ නිර්දේශපාලනීකරණයට ලක් කර දක්ෂතාව හා කුසලතාව මත මෙහෙයුම් සිදු කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී කුසලතාව මත මෙහෙයුම් සිදු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රණවිරුවන්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබා දී ක්‍රියා කරන බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, කාන්තා ප්‍රඥප්තිය එළි දැක්විම අද (21) දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත් විය.

පොදු ජනතාවගේ ඉල්ලීම්වලට,මානව අයිතීන්වලට, ජනතා මතයටා සවන් නොදී රටේ පාලකයා ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසන,මානව අයිතීන් කුඩු පට්ටම් කර මෙරට ජනතාව කනත්තට ගෙන යන සුදු වෑන් සංස්කෘතියක් නැවත මේ රටට අවශ්‍ය කියා ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

ප්‍රතිවාදී අපේක්ෂකයා සහ ඔහුගේ පවුල් පරපුරට ඇත්තේ ධන බලය හා පවුල් බලය පමණක් බවත්, මෙරට සෑම පවුලකම,සෑම පුරවැසියෙකුගේම,සෑම පොඩි මිනිසාගේම බලය තිබෙන්නේ තමන්ට බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

Latest News