ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත සංචාරයක

දෙසැ 21, 2024

නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා.

තරගාවලියට එක්දින තරග තුනක් සහ 20-20 තරග තුනක් ඇතුළත්. තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වුණා. ඔවුන් නිල ඡායාරූපයට පෙනී සිටියේ ඉන් අනතුරුවයි. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. නායකයා ලෙස කටයුතු කරන්නේ, චරිත් අසලංක. තරගාවලිය ආරම්භ කරමින් පළමු 20-20 තරගය ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. 30 වැනිදා දෙවැනි 20-20 තරගය පැවැත්වෙන අතර, ජනවාරි මස 2 වැනිදා තෙවැනි තරගය පැවැත්වීමටයි, සැලසුම් කර ඇත්තේ. තරගාවලියේ පළමු එක්දින තරගය, ජනවාරි මස 5 වැනිදා පැවැත්වෙනු ඇති.

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

මාර් 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025