එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමක් අද (26) පැවැත්විමට නියමිතයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා වන විට නම් කරන බව පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නියම වේලාවට නව වැඩපිළිවෙළක් එක්ක ගේන්න කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනූව, එක පවුලක් වෙනුවට රටේ හැට ලක්ෂයක් රජකරවන්න පුළුවන් නව පාලනයක් එක්ක ඉදිරියට ගමන් කරන බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡාවක් අද (14) පැවැත්වෙන බව අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ විජයදාස රාජපක්‍ෂ මහතා පිලිබඳ විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගත යුත්තේ, මැතිවරණ කොමිසන් සභාව විසින්. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව බව, එම පක්‍ෂය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ ජනතාව බලාපොරොත්තු වන ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව විශේෂ සංවර්ධන අමාත්‍යය වි. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම ප්‍රශ්නයක් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක් බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මැති-ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් ඊයේ පැවැත්විණ.

Latest News