ජනපති දිවයිනට

දෙසැ 18, 2024
ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිමකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) දින රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්වූ අතර එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් වුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරයට එක් වුණා.
 
 

Latest News