ඔක්තෝබර් 10 වෙනිදා කොළඹ ගාලුමුවදොර පිටියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන ජන රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.

2020 ජනාධිපති ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය සමගින් රාජපක්‍ෂ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයත් නියත වශයෙන්ම ජයගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දැමීම පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ කිසිම සබඳතාවක් නොමැති බවත් ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙසට අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.මරික්කාර්, මනුෂ නානායක්කාර මහත්වරුන් පවසයි.

දිවි හිමියෙන් එක්සත් ජාතික පක්ෂය රැකීමට ඉදිරිපත්වී සිටින පාක්ෂිකයන් මෙන්ම ක්‍රියාකාරී සාමාජිකයින් කිසිවෙකු අමතක නොකරන බව එජාප සභාපති කබීර් හෂීම් විශේෂ සම්මේලනය අමතමින් පවසයි.

update-එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක හා ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ජාවක් අද (30) උදෑසන 10.30ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ. රැස්වීම පැවැත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, ඒකමතික ලෙස එම තීරණයට එළැඹුණේ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ රැස්වීමකදී.  

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

අද පස්වරු 3.00ට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව රටට දැනුම් දෙන බවයි, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

Latest News