අද කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්

අද කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්

දෙසැ 31, 2024
නව වසර උදාව වෙනුවෙන් ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිතව අද (31) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය නිවේදනය කරනවා.

අද දිනයේ නව වසර උදාව සැමරීම සඳහා ගාලු මුවදොර පරිශ්‍රය වෙත විශාල ජනතාවක් සහ රථ වාහන ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි එහි දැක්වෙන්නේ.

මේ හේතුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් එය අවම කරගැනීමට මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාවට නංවා ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

Latest News