ජනපති සහ අගමැති තෛපොංගල් දිනයට සුබ පැතුම් එක් කරයි

ජන 14, 2025
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ රට තුළ ජනිත නව උද්යෝගයත් සමග ලස්සන ජීවිතයට බලාපොරොත්තුව සිත්දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික අප සැමට අවස්ථාව උදා වී ඇති බවයි.

රටත් ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටුකිරීමට ප්‍රතිඥා දෙමින් භාරගත් රටේ වගකීම එලෙසම ඉටු කිරීමට බාධක මැද වුව ද පසුනොබසින වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් කැපවී සිටින බවද ජනාධිපතිවරයා පැවසුවා.
 
මේ අතර එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිල ප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සමරන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම කියාපාන්නක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.
 
තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය පවසන්නේ රටක් වශයෙන් අප සුවිශේෂි සංධිස්ථානයට එළඹ ඇති අතර ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇතිකරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයාමේ දැවැන්ත මෙන්ම භාරදුර වගකීම රජය භාරගෙන ඇති බවයි.
මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිවුරුම් දෙයි වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

Latest News

23e3f038dd01f81919bf8670a6cb25b5 Generic

RCB පිටියේ වැඩ පෙන්වයි

අප්‍රේ 08, 2025

853bdeb279b374e842422313f4e63b87 Generic

ඉන්දුනීසියාව සෙළවෙයි

අප්‍රේ 08, 2025

1dfaef7c3a401716a6f895c0a1334050 Generic

ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි

අප්‍රේ 08, 2025

57145b6072c90b7d688828b7a5003de4 Generic

වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025

265c0935061b7284447107ff85238eb6 Generic

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදයක්

මාර් 28, 2025

1e92c603ad3eed269b2d90456cda3d3c Generic

ප්‍රදේශ රැසකට ලොකු වැස්සක්

මාර් 28, 2025