ජනතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළඹෙන 16 වැනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරට සෑම පුරවැසියෙකුට එක නීතියක් යටතේ එක හා සමානව සළකන ඒකීය ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට තමන් ඇප කැපවන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

අපට අවශ්‍ය වන්නේ, අන්තවාදය පරාජය කරලා, සියලු ජාතීන්ට ගෞරවයෙන් ජීවත්විය හැකි රටක් බිහි කිරීම බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

නොවැම්බර් 16 වෙනිදා පටන් එලඹෙන පාලනයක් තුල මාධ්‍යවේදීන් හට තම වෘත්තිය අභිමානවත් අයුරින් කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරට ගර්භණී මාතාවන්ගේ පෝෂණ සලාකය රුපියල් 30,000 දක්වා ඉහළ නැංවීමට තම රජය යටතේ කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පෙළොන්නරුව,බකමූණ ප්‍රදේශයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියකට පැමිණි පාක්ෂිකයින් පිරිසකට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට නීතීඥ යසස්ද සිල්වා මහතා මැතිවරණ කොමිසම් සභාවට අද පැමිණිල්ලක් භාර දුන්නේය.

සජිත් ප්‍රේමදාස කොන්දේසිවලට යටත් වී සිටින බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බවත්, ඡන්ද ලබා ගැනීම සඳහා කොන්දේසි පසුපස ගොස් රට, ජාතිය, ආගම සහ සජිත් ප්‍රේමදාගේ ඡන්මය විකුණන්නේ නැති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

යහපාලන රජය බලයට පැමිණිමෙන් පසු කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂි තීන්දු රැසක් ක්‍රියාත්මක කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පවසන්නීය.

පෞද්ගලික අංශයේ සියලු සේවක මත්ම, මහත්මීන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට තමන් කටයුතු කරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාව මේ රටේ ජනාධිපති කරවිමට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයක් ලබාදෙන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

Latest News