ලංකාවට එන කැන්ගරුවෝ

ජන 09, 2025
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරගයකට සහභාගි වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද නම් කෙරුණා. එහි නායකත්වය දරන්නේ ස්ටීවන් ස්මිත්.

ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

Steve Smith (c)
Travis Head (vc)
Sean Abbott
Alex Carey
Cooper Connolly
Josh Inglis
Usman Khawaja
Sam Konstas
Matt Kuhnemann
Marnus Labuschagne
Nathan McSweeney
Todd Murphy
Mitchell Starc
Beau Webster
 
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස් පුද්ගලික හේතුවක් මත තරගාවලියට සහභාගී වන්නේ නැහැ.
 
එම නිසා ස්ටීවන් ස්මිත් කණ්ඩායමේ නායකත්වය දරනු ඇති.
 
දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්.
 
පළමු සහ ‍දෙවන ටෙස්ට් තරග පිළිවෙළින් ලබන 29 වැනිදා සහ පෙබරවාරි 6 වැනිදා පැවැත්වෙන්නේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
 
එක්දින තරගය පෙබරවාරි 13 වැනිදා මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගන‍යේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Latest News