එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතයි. ඒ පස්වරු 4. 00ට අරලියගහ මන්දිරයේදීයි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි.

ඇමති රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

වසර 24කට පසු රටම දිනවන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට බය පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයයි - පාර්ලිමේන්තු මන්ත්ත්‍රී කණ්ඩායමයි අපි ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ යැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති යෝජනාවට, පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහාය ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලීමක් කර තිබේ.

Latest News