තමන්ගේ නායකත්වයෙන් යුතු නව රජය යටතේ මෙරට පොලිස් නිලධාරීන් සඳහා රුපියල් 20,000ක ගමන් වියදම් දීමනාව සහ ආහාර දීමනාව ද ලබාදීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ කලවාන නගරයේ පැවති ජන හමුවකට ඊයේ (03) එක්වෙමින්.

මිලේනියම් චැලෙන්ජි කෝපරේෂන් (MCC) ගිවිසුමේ, රටට අහිතකර කුමන වගන්තිය ද කියා හෙළි කරණ ලෙස අභියෝග කරන බව අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා දිනවිමට තමන් කැපවෙන බව පොළොන්නරුව දිස්ත‍්‍රික් පුජකවරුන්ගේ සංගමය ඊයේ අවධාරනය කළේය.

අද දකුණේ කණ්ඩායමක් බෞද්ධ ආගමික නායකයින් නමින් පල්ලි, කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩා සාප්පු විනාශයට පත් කරමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 

එළඹෙන 16 වැනිදා මෙරට ජනතාව තමන්ව ජනාධිපතිවරයා ලෙස පත්කර ගන්නා විට වතු කම්කරු ප්‍රජාවගේ සංවර්ධිත යුගය තමන් අනිවාර්යයෙන්ම බිහිකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහ නාහිමියන්ට සහ අස්ගිරි මහ නාහිමියන්ට පිළිගැන්වීම (31) දින මහනුවරදී සිදු කෙරිණ.

රාජපක්ෂ ආණ්ඩුවේ නැව් එන්නැති වරායවල් හා ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හැදිමෙන් රටේ ණය බර වැඩි වු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ණය බර ආර්ථිකයෙන් ඉවත්ව ණය නැති ආර්ථිකයක් වෙත රට ගෙන යනවාද, එසේ නොමැති නම් ණය බර වැඩිකර අනාගතය අදුරු කරගන්නවද යන තීරණය 16 වනදාට අප ගත යුතු බව අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යොවුන් ප්‍රඥප්තිය තුළ ඇති වැඩපිළිවල ක්‍රියාවට නංවමින් තරුණ පරපුරේ අයිතිය ආරක්ෂාවන වැඩපිළිවලක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (29) මහරගම පැවති ජන රැළියේදී ප්‍රකාශ කළේය.

මනුස්සකම හදුනන පුද්ගලයෙකු ලෙස සනීපාරක්ෂක පහසුකම් නොමැති මෙරට සියලුම කාන්තා පරපුරට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Latest News