දහස් ගණනකගේ ජීවිත බිළිගත් සුනාමි ව්‍යසනයට අදට වසර 20 ක්

දෙසැ 26, 2024
දහස් සංඛ්‍යාත ජීවිත බිළිගත් සුනාමි ව්‍යසනයට අදට වසර 20 ක්.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදුවූ මෙම ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගොස් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.

අද උදෑසන 9.25 සිට විනාඩි 02 ක කාලයක් නිශ්ශබ්දතාවය සුරකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
 
අදට යෙදී ඇති ජාතික සුරක්ෂිතතා දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ අංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
 
ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින්ද සමරු වැඩසටහන් සංවිධානය කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

Related items

  • මිහිපිට ජීවය අවසන් කළ හැකි සුනාමියක්
  • ටොංගා රාජ්‍ය ආසන්නයේ, සුනාමි තත්වයක්; 80,000කට අධික පිරිසක් පීඩාවට
  • “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” අද
  • ඉන්දියන් සාගරයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ

Latest News