රජයට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විරෝධතා පාගමන් අද (09) පෙරවරුවේ ආරම්භ විය.

ඉහළ යන ජීවන වියදමට එරෙහිව හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විරෝධතාවල නිරත වුණා.

සමගි ජන බලවේගය විසින් අද දින පැවත් වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල පොලිසිය විසින් කරනු ලැබූ තවත් ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

නඩු කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් පිරිසක් එහි වහළය මත නැගී විරෝධතාවක නිරත වන බව වාර්තා වෙයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති නිරායුධ කළු ජාතිකයා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනය වීමත් සමග අමෙරිකාව පුරා ඇතිවූ දැවැන්ත විරෝධතා මාලාව අද තෙවැනි සතියට එළැඹියා.

වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ,කළමනාකරු ඉවත් කරන ලෙස ඉල්ලා වෙළෙඳසැල් හිමියන් උද්ඝෝෂණයක නිරත විය.

දඹුල්ල ගොවීන් හා රජයේ පොහොර ගබඩා සේවකයින් අතර අද (07) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවී තිබේ. ඒ යූරියා පොහොර මිටි දහ දහසක් පමණ අවශ්‍ය දඹුල්ල රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි දෙසීයක් ලැබීම හේතුවෙන් එය බෙදාගැනීමට අලෙවි කිරීමට නොහැකි වීමේ ගැටළුවක් හේතුවෙන්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හබරත්තාවල සහ උලුකැටවැව ගම්මාන දෙකේ පරිපාලනය මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පවරා දෙන්නැයි ඉල්ලා එම ගම්මාන දෙකේ ජනතාව අද (22) දහවල් විරෝධතාවක නිරත වූහ.

මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පිරිසක් රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක් අද ආරම්භ කළේය.

අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා විරෝධතාවයක් දඹුල්ල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයෙදී අද(03) පවත්වා ඇත.