මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.

මස්කෙලිය ප්‍රදේශයේ තේ වතු අටක කාර්යය මණ්ඩලය අද (26) දින මවුස්සාකැලේ මංසන්ධියේ දී උද්ඝෝෂනයක නිරත විය.

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන කොටගල දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිටියදි එම විදුහලට අද (21) සිට සිංහල ගුරුවරයෙකු තාවකාලිකව විදුහල්පතිවරයා වශයෙන් පත් කිරිමට විරෝධය පාමින් එම විදුහලේ සිසු සිසුවියන් පාසල ඉදිරිපිට හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයක නිරත විය. 

යාපනයේ දී අතුරුදන් වූ ලලිත් කුගන් පිළිබඳව තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද උද්ඝෝෂණය පැවැත් වුණා.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට පැමිණි පිටස්තර පිරිසකට ඔවුන්ගෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මහතා එප්පාවල කටියාව ක්‍රීඩා පිටියේ කොටසක් අනවසරයෙන් අත්පත් කර ගෙන වගාවන් පවත්වාගෙන යාමට විරෝධය පළ කරමින් කටියාව ගම්වාසීන් පිරිසක් අද (11) එප්පාවල නගරයේ උපවාසයක් ආරම්භ කළේය.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව බීමට ජලය ඉල්ලා අද (2) උදෑසන වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය ආනපල්ලම තුනේ කනුව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ගම්මිරිස් මිල විශාල ලෙස පහත වැටීමට විරෝධය පළකරමින් ගම්මිරිස් සදහා සහතික මිලක් ලබාදෙන ලෙස රජයට බලකරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවීහු අද (17) බදුල්ල නගරයේ පෙළපාළියක් හා උද්ඝෝෂණයක් දියත් කළහ.

වඩු කර්මාන්තය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් පැවැත්වු උපවාසය ඊයේ රාත්‍රි අවසන් කෙරිණ.