හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ජාවේ සැකකරුවන්ට මුදල් දුන්නැයි CIDය මගින් අත්අඩංගුවට ගත් රූමි මොහොමඩ් ජනවාරි 6 දක්වා රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. එන්. ජේ. වෙදසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

පාස්තු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලීසිය සූදානම් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මහතා අද (23) අධිකරණය හමුවේ කියා සිටියේය.

ස්විට්සර්ලන්ත තානාපති නිලධාරීනිය අදත් (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් තර්ජනය කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ මරණ තර්ජන ඇතැයි පවසමින් CIDයට පැමිණිල්ලක් සිදු කර තිබේ.

Update: පොලිස් මූලස්ථානයේ විදුලිය සෝපාන ක්‍රියාකරුට බැණ තර්ජනය කර පහරදීමට තැත් කළ බව කියන සිද්ධියට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

පුද්ගල පැහැරගැනීමකට සම්බන්ධ පරීක්ෂණයකට අදාළව ලබන 26 සභ 28 යන දෙදින තුළ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නියෝග කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පිළිබඳ නීතිඥවරයෙක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම සම්බන්ධ නියෝග, ලබන 23වනදා ලබා දෙන බවට අධිකරණය නියෝග කරයි.