බාල වයස්කාර දරුවන් කිහිප දෙනෙකු ප්‍රචණ්ඩත්වය වැපිරෙන ආකාරයේ අසැබ් වදන් යොදා ගනිමින් සමාජ මාධ්‍යයට එක්කර ඇති දර්ශන සමූහයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය පරීක්‍ෂණ අරඹා තිබේ.

වනාතවිල්ලුව, කාරතිව්‌ අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුවක්‌ ලබා දී ඇති බවට හෙළි වීමත්‌ සමග අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුව නව මුහුණුවරකින්‌ පරීක්ෂණ අරඹා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඉන් පිටව ගියේය.

අන්තර් ජාලයේ පළ වු ළමා අපයෝජන වීඩියෝවට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ බිරිඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ කැඳවා තිබිණ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටත්ව ගොස් තිබේ.

වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.  

වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා හෙට (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද තීන්දු කළේය.