ඉතාලියේ එට්නා ගිනි කන්දෙන් ලාවා නිකුත් වෙමින් පවතින බව, එරට මාධ්‍ය වාර්තා කරනවා.
‘බෙරිල්’ සුළි කුණාටුවෙන් ජැමෙයිකාවේ දකුණු වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
බෙරිල් ‍සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්යාකව 7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උතුරු ඉන්දියාවේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ හින්දු ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් මියගිය පිරිස 116 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව විදෙසි මාධ්‍යය වාර්තා කරනවා.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානයේ අස්තානා අගනුවරට පැමිණෙයි.

ගාසා තීරයේ දෙවන විශාලතම නගරය වන "ඛාන් යුනිස්"හි නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන පලස්තීනුවන්ට එම ප්‍රදේශයෙන් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර තිබෙනවා.
දකුණු කොරියාවේ "සෝල්" අගනුවර ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්, රථ වාහන නැවතුම් පොළක රැදී සිටි පිරිසක් මතට කඩා වැදීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා.

කැරිබියානු දූපත් ප්‍රදේශ ඉදිරියේදී ‘බෙරිල්’ නමැති සුළි කුණාටුවේ බලපෑමට ලක් විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

'ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතික රැලිය පක්ෂය' එරට පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ඇති බව හෙළි වී තිබෙනවා.

චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබෙනවා.
අත්ලාන්තික් කලාපයට බලපා ඇති බෙරිල් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී වඩාත් චණ්ඩ විය හැකි බව කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

නයිජිරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ සිදු වූ පිපිරිම් මාලාවකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

එක්සත් ජනපද මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙපළ වන ජනාධිපති ජෝ බයිඩන් සහ එරට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විවාද මාලාවේ පළමු වැන්න ජූනි 27 වනදා සී එන් එන් පුවත් සේවය ඔස්සේ සජීවීව විකාශය කෙරුණා.

ඉරානයේ හිටපු ජනාධිපති “ඊබ්‍රහිම් රයිසිගේ” හදිසි අභාවයෙන් පසු අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම කටයුතු ඊයේ දිනයෙන් අවසන් වුණා.

නේපාලයට බලපා ඇති මෝසම් වැසි කාලගුණයෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
දකුණු දිග ‍‍චීනයේ ප්රකදේශ රැසකට බලපා ඇති ගංවතුර සහ නායයෑම් තවදුරටත් උත්සන්න වෙමින් පවතිනවා.

සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 1,300 ඉක්මවා ගොස් ඇති බව, වාර්තා වනවා.

බංග්ලාදේශයේ සර්ප දෂ්ඨනය හේතුවෙන් රෝහල් ගත කරන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

ගාසා තීරයේ සිය කාර්යාල පරිශ්‍රයට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් 22 දෙදෙනෙකු මිය ගොස් ඇති බව, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසනවා.

Latest News