ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් තම සෙබළුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන හමුදාව තහවුරු කරනවා.
3වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සිංගප්පුරුව සමත් වුණා.
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා ඉදිරි දිනවලදී නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඉන්දියාව දෙසට හමා යමින් පවතින “ඩානා” ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් එරට ලක්‍ෂ 10 ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටින බව, වාර්තා වනවා.

තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් සේවා සමාගමක මූලස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

රුසියානු කාර්ය මණ්ඩලය සමඟ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් සුඩානයේ ඩාර්ෆූර්හිදී බිම හෙලූ බවට පළවූ වාර්තා පිළිබඳව විමර්ශනය කරන බව සුඩානයේ රුසියානු තානාපති කාර්යාලය පවසනවා.
රුසියාවේ හමුදා පුහුණුව ලබන උතුරු කොරියානු සෙබළුන් වහාම ඉවත් කරන ලෙස දකුණු කොරියාව රුසියාවට දැනුම් දී තිබෙනවා.
චීන සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගනිමින්, සරත් සෘතුවේ චීනය පුරා ඇම්බර් සහ රන්වන් පැහැයෙන් යුත් දර්ශනීය ශාක දැකිය හැකි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ලෙබනනයේ බේරූට් සහ දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සහය දක්වන බවට හඳුනා ගත් මූල්‍යමය ස්ථාන කිහිපයකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
දකුණු කොරියාව සමග සම්බන්ධ වන මාර්ග රැසක් පුපුරුවා හැරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා. මහා මාර්ග සහ දුම්රිය මාර්ග කිහිපයක්ම මේ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මැද පෙරදිග කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිත බව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන One Direction හි හිටපු සාමාජිකයෙකු වන Liam Payne මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තානාපති අමීර් අජ්වාඩ් සෞදි අරාබියේ ශ්‍රී ලාංකික සූපවේදීන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පවත්වයි.


සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන, සංචාරක, සංස්කෘතික මෙන්ම රැකි රක්ෂා වැනි විවිධ ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය වෘත්තිකයන් තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ කර ගැනීෙම් සමාරම්භක අදියර ලෙස රාජධානියේ සේවය කරන ශ්‍රී ලාංකික සූපවේදීන් හමුවිය.

සෞදි අරාබි රාජධානියේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නසාර් බින් අබ්දුල්අසීස් අල්-දාවුද්, සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතාව 2024 ඔක්තෝම්බර් 08 වන දින රියාද් හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලස්ථානයේදී පිළිගනු ලැබීය.

නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් උතුරු ලෙබනනයේ 21 දෙනෙකු මියගොස් තිබෙනවා. 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී, ශීඝ්‍රගාමී මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන්, 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ සවස මධ්‍යම බීරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 22 ක් මිය ගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ ''මිල්ටන්'' සුළි කුණාටුවෙන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දකුණු කොරියාවේ හෑන් කෑන්ග් වෙත පිරිනමා තිබෙනවා.

Latest News