ජීවිත ඩැහැගත් ගිනි මාරයා

නොවැ 04, 2024
නැගෙනහිර ඉන්දුනීසියාවේ සිදු වූ ගිනි කඳු පිපිරීම් මාලාවකින් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අවට ප්‍රදේශය පුරා ගිනි පුපුරු පැතිර යාමෙන් ගම්මානවල නිවාස කිහිපයක් ගිනි ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ජනප්‍රිය සංචාරක දූපතක් වන ෆ්ලොරස්ට හි පිහිටි මීටර 1,700 කට වඩා උසකින් යුත් ‘ලෙවොටෝබී ලකී ලකී’ ගිනි කන්ද ඊයේ රාත්‍රියේ සිට විධානය වී තිබෙනවා.
ගිනිකන්ද අවට ඝන අළු පැතිර යාමත්, ගිනි පුපුරු ප්‍රදේශය පුරා පැතිරීමත් සමග අවට නිවාස රැසක් ගිනිබත් වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 10,295 ක් අවට ගම්මානහි පීඩාවට පත්ව ඇති බවයි, ජාතික ආපදා අංශ නිවේදනය කොට සිටින්නේ.
 
මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා බොහෝ පිරිස් ඉවත් කරමින් සිටින බවයි, ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024