ඉන්දියානු මගීන් පිරිසක් රැගත් බස් රථයක් නේපාලයේ ටනාහුන් ප්‍රදේශයේදී ගඟකට පෙරලීමෙන් 27 දෙනෙකු මියගොස් තිබෙනවා.
ලොව දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවේ බොට්ස්වානාවේ දී සොයාගෙන තිබෙනවා.
දකුණු කොරියාවේ බුචියොන් නගරයේ ගොඩනැගිල්ලක ඇති වු ගින්නකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බංග්ලාදේශයේ පොලී අනුපාත ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව එරට නව මහ බැංකු අධිපතිවරයා පවසනවා.
වයඹදිග බොස්නියාවේ ද්විතීක පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පාසල් කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව සමග එක්ව පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා හමුවූ අවස්ථාවේ යි.
රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා නගරයේ අවතැන් වු පලස්තීනුවන් නවාතැන් ගෙන සිටි පාසලකට එල්ලවු ඊශ්රායල ගුවන් ප්රහාරයකින් පලස්තීන වැසියන් දොළොස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් සිදු වන ග්ලැසියර දියවී යාම හේතුවෙන් නේපාලයේ ගම්මාන රැසකට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඇතැම් ගම්මාන, මේ හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමක් හට ගෙන ඇති බවයි, නේපාල බලධාරීන් පවසන්නේ.

ගෝලීය උණුසුම ඉහළ යාම නිසා සාගර පද්ධතියේ සිදු වන බලපෑම අතිශය ඉහළ බව, විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ජපානයේ ගුවන් තොටුපොළක ගුවන් මගී පර්යන්තයක් අසළ ගබඩාවක තිබූ කතුරක් අතුරුදන් වීම නිසා ගුවන් ගමන් 36 ක් තාවකාලිකව අවලංගු කෙරුණා.
ඉන්දියාවේ කාෂ්මීර නිම්නයේ අද උදේ රිච්ටර් මාපාංක 4.9 ක සහ 4.8 ක භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා වූ ඇමරිකානු යෝජනාවකට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එකඟ වී තිබෙනවා.
අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනත් මඟකට යොමු කර තිබෙනවා.

න්‍යෂ්ටික අවි භාවිත කිරීම සඳහා යුක්‍රේනය, රුසියාව පො‍ලඹවමින් සිටින බව, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කො පවසනවා.

බංග්‍ලාදේශයේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයෙන් පසු එරට බැංකු පද්ධතිය තවමත් දැඩි අස්ථායී තත්වයක පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
බංග්‍ලාදේශයේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයෙන් පසු එරට බැංකු පද්ධතිය තවමත් දැඩි අස්ථායී තත්වයක පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
බංග්‍ලාදේශයේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයෙන් පසු එරට බැංකු පද්ධතිය තවමත් දැඩි අස්ථායී තත්වයක පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‍තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, පේටොංතාන් ෂිනවත් අද සිය ධුරයෙහි දිවුරුම් දුන්නා.

Latest News