මේ වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකීය වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම, ඊයේ අත්සන් කෙරුණා. ඒ, සෞදි අරාබි‍යේ ජෙඩා හි පිහිටි අසිලා හෝටලයේදී.

තෛපොංගල්, නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබෙනවා.

අමෙරිකාවේ "නිව් ඔර්ලියන්ස්" හි සිදු වූ ප්‍රහාරයේ සැකකරු, ටෙක්සාස් හි 42 දෙහැවිරිදි ෂම්සුඩ්-ඩින් ජබ්බාර් බවට හඳුනා ගෙන තිබෙනවා.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යුන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

යුනිසෙෆ් ආයතනයේ නවතම ඇස්තමේන්තු ගත කිරීම් අනුව ‍ලෝකයේ ළමුන් 6 දෙනෙකුගෙන් එක් අයෙකු ලොව පුරා ගැටුම් පවතින ප්‍රදේශවල ජීවත්වන බව වාර්තා වනවා.

මගී ගුවන් යානයක් දකුණු කොරියාවේ “මුආන්” ජාත්යන්තර ගුවන් තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී අනතුරට ලක්වීමෙන්, 177 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
චීනයේ නිෂ්පාදනයක් වන “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත මුහුදේ බහුකාර්ය විද්යාත්මක පර්යේෂණ නෞකාව ඊයේ (26) දින චීනයේ Guangzhou නගරයේ Nansha හිදී සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.
හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්රාප්ත වී තිබෙනවා.
පකිස්ථානය, ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්රහාරයකින් පුද්ගලයින් 46 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
බහුආංශික ප්රධාන ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
දකුණු බ්‍රසීලයේ ග්‍රාමාඩෝ නගරය‍ට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් 'මයෝට්' දූපතේ ඇතිවූ චිඩෝ සුළි කුණාටුවෙන් සියගණනක් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙනවා.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් සිය තෙදින ඉන්දීය නිල චාරිකාව සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

රුසියානු හමුදාව යුක්‍රේනය පුරා බලශක්ති පද්ධතිය ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද දින ප්රංශයේ මීළග නව අගමැතිවරයා ප්රකාශයට පත් කිරීමට නියමිත බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
ගාසා තීරයට එල්ල වූ තවත් ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පලස්තීනුවන් 35 දෙනෙකු මියයන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ආධාර රැගත් ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා සිටි 12 දෙනෙකුද ඒ අතර වනවා.
ලොව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බහුලව භාවිත කරන රටවල් ශ්‍රේණිගත කරන අන්තර්ජාලය භාවිත කිරිමේ ලැයිස්තුවේ නවතම දර්ශකයට අනුව අමෙරිකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
මෙරට මුහුදු සීමාව තුළ අනවසරෙන් ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අද (08) දින අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News