රුපියල්‌ බිලියන 200ක චටිනාකමින්‌ යුක්‌ 2012 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන්‌ ප්‍රනාන්දු මහතා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපක්‌ කරන ලදී.

'කොවිඩ්-19' වසංගත තත්වයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තාවකාලික විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10.00ට රැස්වීමට නියමිතයි. ඒ අනූව උදෑසන 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇති.

රජය ඉදිරිපත් කළ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

කුමන අභියෝග පැමිණියද, ජිවිත පරිත්‍යාගයෙන් ලත් විජයග්‍රහණය පාවා නොදෙන බව, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද අවධාරණය කළේය.

පසුගිය අප්‍රේල් 21 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ සෙවීමට කථානායකවරයා පත් කළ කමිටුව අද පළමු වරට රැස් වෙයි. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.

පාර්ලිමේන්තු රැස්වීම් අප්‍රේල් (20) සිට ලබන අප්‍රේල් 23 වැනිදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (19) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ අදහස් පළකිරීම හේතුවෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම් විය.

රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ නියෝගය අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කර ඇති යෝජනාව ලබන 05 වැනි සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.