ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.ඒ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු සැසිවාරයේ සජීවී විකාශය පහතින්.
පාර්ලිමේන්තු අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබේ.

අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර අද සිට බදාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 10.00 රැස්වීමට නියමිතයි. අද සිට ලබන 24 වැනි දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීම වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබී‍මේ විවාදයේ දෙවන දිනය අදයි.   

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රටේ ආර්ථික තත්වය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ වෙනස්කම් කිහිපයක් ද ඒ අනූව සිදුකෙරේ.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස් වන්නේ හෙට දිනයේදීයි. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ වෙනස්කම් කිහිපයක් හෙට සිදු කිරීමට නියමිතයි.