අය වැය 2වැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද

නොවැ 21, 2020

    2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතයි.

    2021 අයවැය වාර්තාව පසුගිය 17 වනදා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය මෙරට 75 වන අයවැය ප්‍රකාශයයි.

    පසුව අයවැය කරක සභා අවස්ථාව හෙවත් අවවැය තුන්වනවර කියවීම ලබන 23 වැනිදා සිට දෙසැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වේ.

    එදින පස්වරු 05.00ට අයවැය තුන්වන වර කියවීම පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි..

    Latest News