රුපියල් හතළිස්පන් ලක්ෂයකට අධික දුම්වැටි තොගයක් සමග සිව්දෙනෙකු කටුනායක දී අත්අඩංගුවට පත්ව තිබේ.

චීනයේ අධයාපනය ලැබූ තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබේ. ඔවුන් අධයාපනය ලැබුවේ චීනයේ ගුවැන්ෂු නුවරයි.

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් වීසා නිකුත් කිරීම නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. පවතින වාතාවරණය හමුවේ නැවත දැනුම්දෙනතුරු මෙම තීරණය වලංගු බවයි ඇය පෙන්වා දෙන්නේ.

චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ගුවන් තොටුපොළේ දී විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 5ක් වටිනා රත්ත්‍රරං තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු ද අද අත්අඩංගුවට ගැනිණ.

කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය අසළ තහනම් කලාපයේ නීති විරෝධීව ගුවන් මගීන්ට බාධා වන ලෙස රැඳි සිට තැරැව් කිරීමේ වරදට පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 58ක රන් බිස්කට් 65ක් සමග කටුනායක ගුවන්තොටුපොළේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ හා අවට ප්‍රදේශයන්හි පවතින වාහන තදබදයට විසඳුමක් ලෙස ඒ අවට නව රථාවහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම තීරණය කර තිබේ.

නීති විරෝධී අයුරින් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගැනිණ.