රන් බිස්කට් 40ක් සිය අතෙහි සඟවාගෙන ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක්(49) අද කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගැනිණ.

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තාවන් 16ක් හා පිරිමි ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළු 18 පිරිසක් අද උදෑසන දිවයිනට පැමිණියේය.

නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රුපියල් තිස් නව ලක්ෂයකට ආසන්න දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙන් තිදෙනෙකු අද අලුයම කටුනායක දී අත්අඩංගුවට ගනු ලැබීය.

කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටීමෙන් විදේශීය  ගුවන් මගියෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.