මිනුවන්ගොඩ කලබලයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන්නැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ආරක්ෂ අංශවලින් ඉල්ලා සිටි.
චීනය ශ්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන රජය අද දිනයේ දී අත්සන් තැබීමට නියමිතය.
ඉහළ ගුණාත්මක භවින් යුත් මාළු ලබාදීමේ වෙළද නාමය රැකගනිමින් මාළු බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලංකා ධීවර සංස්ථාව තීරණය කර ඇත.
මධ්‍යම පලාතේ අණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත මධ්‍යම පලතේ සියලුම මත්පැන් සැල් අද(14) දින වසා දැමීමට නියෝග කර ඇත.
එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉන්දියාව තුළ නීතිවිරෝධී සංවිධානයක් ලෙස පනවා තිබූ තහනම තවත් වසර 05 කින් දිර්ඝ කර තිබේ.
පසුගිය රජය සමයේ ස.තො.ස. සේවකයින් 153ක් දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ මූලික විරෝධතා ජූනි 07 ප්‍රකාශයට පත් කෙරේ.
කලහාකාරී හා නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධව මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සහ දූෂණ විරෝධී හඬ සංවිධානයේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල කලහාකාරී තත්වයක් ඇති කළ පුද්ගලියින් අද මිනුවන්ගොඩ අධිකරණයටඉදිරිපත් කෙරේ.