ව්‍යාජ ලෙස මුද්‍රණය කළ අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් මාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් කෑගල්ල පොලීසිය අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථ මෙරටට ආනයනය කර දෙන බව පවසා රුපියල් 4300000/-ක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනූව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.
බෙදා හැරීමට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් කැලණිය වනවාසල ප්‍රදේශයේ දී සැකකරුවෙකු සමඟ ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.
බියගම,පේරගස් හංදියයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වෙල්ලමුන්දලම් මුහුදු ප්‍රදේශයේ වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන තිබේ.
මාකඳුරේ මධූෂ්ගේ ඩුබායිහි සිටින අනියම් බිරිඳට අයත් මෝටර් රථයක් පාදුක්ක පෙරේගෙදර ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් සහිතව ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කවුරුන්ද යන්න විමර්ශනයක් සිදුකරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිට ඉල්ලීමක් කර තිබේ.
රුපියල් කෝටියකට අධික කොකේන් තොගයක් සමඟ එක් අයෙක් අත්අඩංගුවට ගැනේ.
වත්තල, හේකිත්ත ප්‍රදේශයේ දී හෙරොයින් හා හෂීස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.