පලුගස්වැව - හොරිවිල ප්‍රදේශයේ කිඹුලන් අල්ලා ඝාතානයකොට මස් හා වියළි මස් අලෙවි කිරීමේ ජාවාරමක් හබරණ පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් හෙළිකරගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අලෙවි කිරිමමේ රට තුල තහනම් කර ඇති එන්.සි නැමති මත්ද්‍රව්‍ය කිලෝ 7 ග්‍රෑම් 500 සමඟ සැකකරුවෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි අත්අඩංගුවේ සිටින හෙරොයින් ජාවාරම්කරු කංජිමානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන නවුෆර් මොහොමඩ් අලී කොලොන්නාව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම්10 මිලිග්‍රෑම් 480ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුලු තිදෙනා ලබන මාර්තු මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් මාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් කෑගල්ල පොලීසිය අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථ මෙරටට ආනයනය කර දෙන බව පවසා රුපියල් 4300000/-ක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනූව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

බෙදා හැරීමට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් කැලණිය වනවාසල ප්‍රදේශයේ දී සැකකරුවෙකු සමඟ ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

බියගම,පේරගස් හංදියයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වෙල්ලමුන්දලම් මුහුදු ප්‍රදේශයේ වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News