දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට පුද්ගලයන් 2200ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම ඊයේ රාත්‍රී සිට විවෘත කර තිබේ.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර හෙට (27) වනවිට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි දිනවලදී දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ (19දින), සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සහ බංගලාදේශයේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

වැල්ලවාය, කුඩාඔය හල්මිල්ල වැව ගම්මානය හරහා ඊයේ (8) පස්වරුවේ හමාගිය තද සුලගකින් නිවාස පහළොවකට හානි සිදුව තිබේ. ඉන් නිවාස හතරක් පූර්ණ වශයෙන් විනාශ වී ඇත.

අද දින තුලදී දිවයිනේ වැසි තත්ත්වය තාවකාලිකව තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර තිබේ.