රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ CIDයට

පෙබ 27, 2020

    හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ බිරිඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ කැඳවා තිබිණ.

    රිෂාද් බදුර්දීන් මහතාට අයත්  නිවසකින් ඉඩම් ඔප්පු කිහිපයක් ලැබීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වලට අදාළවයි ඇයව කැඳවා තිබුණේ.
    අද පෙරවරු 10.40 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඇයගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලැබුණු නියෝගයකට අනුව මෙලෙස ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කෙරෙන්නේ.
    ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දීමට පැමිණි දෙවන අවස්ථාව මෙයයි.

    Latest News